ශ්රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ඔහු එම ලිපිය බලශක්ති අමාත්යංශය වෙත භාර දී ඇතැයිද සඳහන්.
සියඹලාපිටිය මහතා එම ධූරයේ වැඩ භාරගනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදායි.
බලශක්ති ක්ෂේත්රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්රධාන ඉංජිනේරු- ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයකද මින් පෙර සේවය කළ අයෙක්.
එමෙන්ම 2004 සිට 2008 දක්වා ආචාර්ය තිලක් සියඹලාපිටිය ජාතික බලශක්ති ප්රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබෙනවා.