“බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “වෙසක් බැති ගී සරණිය” මැයි 12,13,14 සහ 15 යන දිනයන්හි ජනාධිපති කාර්යාල පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්රාමාත්ය කාර්යාලය එක්වයි මෙය සංවිධානය කරන්නේ.
ත්රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භක්ති ගීත කණ්ඩායම් සහ ජනප්රිය ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම භක්ති ගීත වැඩසටහන සංවිධානය කර තිබෙනවා.
මැයි 12,13,14 සහ 15 යන දිනයන්හි ප.ව 6.30ට ආරම්භ වන “වෙසක් බැති ගී සරණිය”රාත්රී 8.30 දක්වා පැවැත්වෙනු ඇති.