කොළඹ තොරණ 23 ක්: දිවයින පුරා දන්සැල් 7,200ක්

Published on

මෙවර වෙසක් පුර පසොළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ 23 ක් නිර්මාණය කර තිබෙනවා.

කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළග, දෙමටගොඩ, බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම, පිළියන්දල, බෙල්ලන්විල තොරන් නිර්මාණය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට අමතරව මොරටුව, දෙහිවල, මාලබේ සහ අතුරුගිරිය ඇතුලූ ප්‍රදේශ රැසක ද වෙසක් තොරණ නිර්මාණ කර තිබෙනවා.

මීට අමතරව වෙසක් කලාප පැවැත්වෙන්නේ කොළඹ බෞද්ධාලෝක මාවත, ලේක් හවුස් මාර්ගය, කොළඹ මහ නගර සභා මාර්ගය සහ හුණුපිටිය ගංගාරාමය ආශ්‍රිතවයි.

එමෙන්ම වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7200ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

සම්බුදු තෙමගුල සිහි කරමින් අදින් ආරම්භ වූ ජාතික වෙසක් සතිය 16 වනදා දක්වා පවත්වන අතර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනුයි පැවැත්වෙන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this