පාකිස්ථානය සිය ගුවන් අවකාශය සම්පූර්ණයෙන් ම වසා දමයි

Published on

ඉන්දු – පාකිස්ථාන ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර පාකිස්ථානය මේ වන විට සිය ගුවන් අවකාශය තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

ඒ ඉන්දියාව, පාකිස්ථානයේ ගුවන් කදවුරු 03ක් ඉලක්ක කර ගනිමින් අද අලුයම එල්ල කළ ප්‍රහාර කිහිපයක් හේතුවෙනි.

මේ අතර, ඉන්දියාව ද ලබන 15 වනදා දක්වා එරට උතුර සහ බටහිර ප්‍රදේශවල ගුවන්තොටුපළ 32 ක් වසා දමා තිබෙනවා.

ඒ පාකිස්ථානයේ යම් ප්‍රහාරයක් එල්ල වේ යැයි අනුමානය කරමින්.

එමෙන්ම ඊයේ රාත්‍රියේ ද ඉන්දියාවේ ස්ථාන 26ක් ඉලක්ක කර පාකිස්ථානය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළා අතර කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පාකිස්ථානය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන්.

කාශ්මීර දේශ සිමාව ආසන්නයේ ඊයේ යළි ගැටුම් හටගෙන තිබූ අතර විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් ඇසුණු බවයි.

වසර 30 කට පසු ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ දිනයේ දරුණු ගැටුම් ඇති වූ බවයි එම වාර්තාවල වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අද අලු‍යම පකිස්ථානයේ ලාහෝර් ප්‍රදේශයෙන් විශාල පිපිරීම් කිහිපයක් ඇසී තිබුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කාශ්මීර දේශ සිමාවේ දෙපාර්ශ්වය අතර පසුගිය බදාදා සිට මේ දක්වා ඇති වූ ගැටුම් වලින් 48 දෙනෙකු පමණ මිය ගිය බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this