ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.
ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බවයි එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ.
එසේම, පළාත් පාලන ආයතන සදහා සභිකයන් නම් කිරීම පිළිබද අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට මෙහිදී කමිටුවක් ද පත් කෙරුණු අතර එහි ප්‍රධානත්වය
ගනු ලැබුවේ හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේයි.
මේ අතර, ඉදිරියේ දී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා සහය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටද පොදුජන පෙරමුණ කමිටුවක් පත් කර තිබෙනවා.
මහ ලේකම් සාගර කාරියවසම්, මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානකයි එහි සාමාජිකයන් වන්නේ.