අභිනව පාප් වහන්සේට ජනපති අනුරගෙන් සුබ පැතුම්

Published on

අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ දී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත සුබ පැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ, “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදය ගෙන එනු ලැබේවා.” යනුවෙන්.

මේ අතර අභිනව පාප් වහන්සේ ධුරයට පත් වීමෙන් අනතුරුව 14වන ලියෝ පාප්වහන්සේ ලෙසයි නම්කර තිබෙන්නේ.

69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේ වනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු ලොව පුරා බිලියන 1.4ක් වූ කතෝලික ජනයා වෙනුවෙන් නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමේ අවශ්‍යතාව පැන නැඟුණ අතර ලොව පුරා සිටින කාදිනල්වරු 133 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ දීයි එම කටයුතු සිදු කෙරුණේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this