රුපියල් කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවෙකු අත්අඩංගුවට

Published on

රුපියල් 20,840,000ක් වටින් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලෑමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

2025.05.03 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ දීයි අවිපෙන්වා බිය ගන්වා මෙලෙස දෙකෝටි අට ලක්ෂ හතලිස් දාහක් වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ (08) දින උදෑසන කාලයේ දී කිරිඳිවැල පොලිස් වසමේ රඳාවාන මාහේන හන්දිය ප්‍රදේශයේ දීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 61ක් වන කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රන් මුදුවක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this