IPL ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවයි

Published on

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිව ඇති ගැටුම් හේතුවෙන්.

ඊයේ දිනයේ දී ධර්ම්සාලා හී දී පංජාබ් කිංග්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැති තරගාවලියේ 58 වැනි තරගය ද අතරමගදී අත්හැර දැමීමට සංවිධායකයින් තීරණය කළ පසුබිමක මෙලෙස සම්පූර්ණ තරගාවලියම තාවකාලිකව නතර කිරීමට මේ වන විට තීරණය කර තිබීම විශේෂත්වයක්.

මේ වන විට තරගාවලිය යටතේ තරග 58 ක් පමණක් පවත්වා ඇති අතර, තවත් තරග 16 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

කෙසේ වෙතත්, අද දිනයේ දී ඒ පිළිබද නිල නිවේදනයක් තරගාවලියේ සංවිධායකයින් විසින් නිකුත් කරනු ඇති.

මේ අතර පවතින තත්ත්වය හමුවේ පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් නරගාවලියේ ඉතිරි තරග 08, එක්සත් ආරාබි එමීර් රාජ්‍ය වෙත මාරුකර තිබෙනවා.

ඊයේ කරච්චි කින්ග්ස් සහ පේෂාවර් සල්මි කණ්ඩායම් අතර තරගය ද කල් දැමීමට පකිස්ථාන ක්‍රීකට් පාලක මණ්ඩලයට සිදු වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ තරගය පැවැත්වීමට නියමිතව තිබූ රාව පින්ඩි ක්‍රීඩා සංකීර්ණය තුළට ඩ්‍රෝන යානාවක් කඩා වැටීම හේතුවෙන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this