දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් ඊයේ (8) පස්වරුවේ තේරී පත් වුණා.
ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසයි නම්කර ඇත්තේ.
69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේ වනවා.
එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයායි.
ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කිතුණු ජනතාවගේ දෘෂ්‍යමාන නායකයාණන් ලෙස 14වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇති.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුවයි අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබුවේ.
88 හැවිරිදි වියේ පසු වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වූවා.
ඒ පෙර දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට උන්වහන්සේ එක්වීමෙන් අනතුරුවයි.