නව පාප් වහන්සේ තෝරා ගැනීමේ පළමු වටයේ ඡන්දය තීරණයකින් තොරව අවසන්…

Published on

නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ පළමු වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමිනි.

රහස් ඡන්ද විමසීම පිළිබඳ ලෝකවාසීන්ට දැනුම් දෙනු ලබන්නේ එම කවුළුවෙන් නිකුත් කරන දුමාරය මගින් වේ.

පාප් වහන්සේ තෝරා ගත් විට එම කවුළුවෙන් නිකුත් වන්නේ, සුදු දුමාරයකි.

ඒ අනූව කළු දුමාරයෙන් අදහස් වන්නේ, පළමු ඡන්ද විමසීමෙන් පාප්වහන්සේ තෝරා ගැනීමට නොහැකි වී ඇති බවට පණිවිඩයයි.

අද (08) ඒ වෙනුවෙන් රහස් ඡන්ද වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි වතිකානය නිවේදනය කළේ.

කොන්ක්ලේව් හෙවත් නව පාප්වහන්සේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊයේ ආරම්භ වුණා.

ඒ වෙනුවෙන් එක්ව සිටින කාදිනල් හිමිවරුන් සංඛ්‍යාව, 133 ක්.

පාප් වහන්සේ තෝරා ගන්නා තෙක්, එම කාදිනල් හිමිවරුන්ට බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් පැවැත්වීමට අවස්ථාවක් නොලැබේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ස්වර්ගස්ථ වීමත් සමඟ මෙම රහස් ඡන්දය පැවැත්වනේනේ, 267 වැනි පාප්වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහායි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this