විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා එළැඹෙන සතිය තුළ?

Published on

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවයි එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව එකී යෝජනා අධ්‍යයනය කර සති 03ත් 6ත් අතර කාලය තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.

එම කාලය තුළ අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම ද සිදුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තුව සංශෝධනය කරන බවට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කෙසේවෙතත් ඊට අදාළ යෝජනා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව සඳහන්.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මස 17 වැනිදා සිදු වූ අතර එහිදී විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this