ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මිට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.
එම සමුළුව සඳහා මහාද්වීප පහක, රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව සඳහන්.
ඒ අනුව ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා වෙසෙන කාදිනල් හිමිවරුන් එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.