ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව ගැන ඇමරිකාවෙන් හෙළිදරව්වක්

Published on

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ “නෙක්මැක්” ආයතනය හෙළි කරගෙන තිබෙනවා.

එම සොයා ගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඊයේ (10) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළ බව සඳහන්.

ඒ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.

ඇමරිකාවේ පිහිටි මෙම “නෙක්මැක්” නැමැති අන්තර්ජාල ආයතනය ලෝකයේ රටවල් අටක සාමාජිකයන් ලෙස බැඳී ඇති බවත්, එසේ සාමාජිකත්වය ලබාගෙන ඇති රටවල්වල දරුවන්ට අදාළ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් එම ආයතනය නිරන්තරයෙන් සොයා බැලීම් කටයුතු සිදුකරන බවයි එම කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ.

එසේම එම කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දන්වනු ලැබුවේ එම සොයාබැලීම් කටයුතු සිදුකරන අතරතුර ශ්‍රී ලාංකික දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කුමන හෝ පරිගණක උපාංගයක් හරහා මුදාහැර තිබෙන බවට එම ආයතනයේ “නෙක්මැක්” මෘදුකාංගයක් මගින් සොයාගෙන ඒ බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි.

මෙම සිද්ධියට හා සමාන පැමිණිලි රැසක් මේ වනවිට තම අංශය වෙත ලැබී ඇති බවත්, තවදුරටත් එවැනි පැමිණිලි ලැබෙමින් පවතින බවත්, නමුත් මෙම සිද්ධියට අදාළව කිසිදු වින්දිත දරුවෙක් මේ වෙන තෙක් සොයාගෙන නොමැති බවද එම කාර්යාංශය අධිකරණයට එහිදී දැනුම් දුන් බව සඳහන්.

එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දන්වනු ලැබුයේ දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප ජංගම දුරකථන තුළ බාගත කරගෙන මෙරට කිසියම් පිරිසක් එම අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව,එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

Latest articles

අස්වනු නෙළීම සංකේතවත් වූ අගමැති කාර්යාලයේ තෛපොංගල් දින සැමරුම

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය...

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this

අස්වනු නෙළීම සංකේතවත් වූ අගමැති කාර්යාලයේ තෛපොංගල් දින සැමරුම

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය...

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...