යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු මොස්කව් ගුවන් තොටුපළවල් 04ම තාවකාලිකව වසා දමයි

Published on

යුක්‍රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් මොස්කව් ඉලක්කකර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ පසු ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළවල් හතරම තාවකාලිකව වසා දැමීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ අවම වශයෙන් යුක්රේන ඩ්‍රෝන යානා 19 ක් “විවිධ දිශාවලින්” නගරයට ළඟා වීමට පෙර විනාශ කර ඇති බවයි.

මෙම ප්‍රහාරවලින් නගරයට ඇතුළු වන ප්‍රධාන මහාමාර්ගවලින් එකකට සුන්බුන් කිහිපයක් පතිත වී ඇති නමුත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව ද සඳහන්.

එමෙන්ම යුක්රේන ප්‍රහාරයකින් රයිල්ස්ක් හි ට්‍රාන්ස්ෆෝමර් දෙකකට හානි සිදු වීමෙන් විදුලිය ඇණහිටීමක් ඇති වූ බව කර්ස්ක් කලාපයේ වැඩබලන ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් කිංස්ටයින් ටෙලිග්‍රෑම් පණිවිඩයකින් ප්‍රකාශ කර සිටියා.

දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා මැයි 8 සිට 11 දක්වා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඒකපාර්ශ්වික තෙදින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර, කියෙව්ට ප්‍රතිඋපකාර කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ මෙම යුක්රේන ප්‍රහාරවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this