පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය ආරම්භ කර තිබෙනවා.
අද (05) දින පස්වරුව වනවිට සියළු මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන් කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම, හෙට උදෑසන 7 ට ආරම්භ විමට නියමිතයි.
පස්වරු 4 ට එය අවසන් වනවා.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 13,759ක්.
ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් පළාත් පාලන ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව, 75,589 ක්.
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු පුද්ගලයින්ට අදාළ තැපැල් කාර්යාලයට ගොස් එය ලබා ගත හැකියි.
හෙට පස්වරු 4 දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවේ.