ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළට

Published on

බස්නාහිර පළාතේ ඩෙංගු හා චිකන්ගුන්යා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසනවා.

වෛද්‍යවරිය පැවසුවේ උණ පවතී නම් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙසයි.

මෙම රෝග දෙකම එකම මදුරුවෙකුගෙන් බෝවන බවයි ඇය පැවසුවේ.

වෛද්‍යවරිය සඳහන් කළේ සමස්තයක් ලෙස දිවයිනෙන්ම වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 50% ක්ම වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන් බවයි.

මේ අතර බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනය සඳහා “War Against Dengue” මැයෙන් කාර්ය සාධක බලකායක් පත්කිරීමට ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතා පියවර ගෙන තිබෙනවා.

එහි ප්‍රධාන වගකීම ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගවලින් අවම ජනතාවට යහපත් වටපිටාවක් සකස් කර දීමයි.

බස්නාහිර පළාතේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට දැනුම් දීම සඳහා පැය24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක්ද ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ඕනෑම අවස්ථාවක පළාත් පාලන ආයතන නිලධාරින් දැනුවත් කිරීම සඳහා මෙම සේවාව භාවිත කළ හැකියි.

0112092720 / 0112092721 යන දුරකතන අංකය සහ 0112092705 යන ෆැක්ස් අංකය ඇමතීමෙනුයි එම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැක්කේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this