කැනඩාවේ අගනුවර වන වැන්කුවර් නගරයේ පිලිපීන ජාතිකයින් විසින් පැවැත් වූ උත්සවයක සිටි පිරිසක් දෙසට එකවර මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් බොහො පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට පොලිසිය විසින් තහවුරු කර ඇත්තේ.
මෝටර් රථය පැද වූ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටින 30 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම එරට පොලිසිය පැවසුවේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.
කෙසේ වෙතත් සැකකරුගේ අනන්‍යතාවය තවමත් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන්.
මෙම බිහිසුණු සිදුවීම් ගැන අසා තමන් කම්පාවට පත් ව සිටන බවයි කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.