පූර්ව කොන්දේසි නොමැතිව යුක්රේනය සමඟ සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රුසියාව විසින් කැමැත්ත පළකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඒ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇමරිකානු තානාපති ස්ටීව් විට්කොෆ් වෙත පවසා ඇති බවයි.
කෙසේ නමුත් රුසියාව කියෙව් වෙත මාරාන්තික මිසයිල ප්‍රහාරයක් දියත් කිරීමෙන් දින දෙකකට පසුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
එම ප්‍රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් 90 දෙනෙකු පමණ තුවාල ලැබුවා.