කාශ්මීර් පාලන රේඛාව අසල ඉන්දියා සහ පාකිස්තාන් හමුදා අතර වෙඩි හුවමාරුවක්

Published on

කාශ්මීරයේ පාලන රේඛාව ඔස්සේ ඊයේ (24) දින රාත්‍රියේ ඉන්දීය සහ පාකිස්තාන හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තාන හමුදා පළමුව ඉන්දීය හමුදා මුරපොළවල් වෙත වෙඩි තබා ඇති අතර එමනිසා ඉන්දීය හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හේතු වූ බවයි.

කෙසේ වුවද මෙම වෙඩි හුවමාරුවෙන් කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

කෙසේ නමුත් පාකිස්ථානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් ඉස්ලාමබාද් හිදී ඊයේ රැස් වූ අවස්ථාවේ දී පාකිස්ථානය විසින් ඉන්දියාවට දැඩි ප්‍රතිචාර දැක්වීමට තීරණය කරනු ලැබුවා.

ඉන්දු ජල ගිවිසුමට අනුව පාකිස්තානයට අයත් ජලය ඉන්දියාව විසින් ගලායාම නැවැත්වීමට හෝ හරවා යැවීමට සහ පහළ ගංගා තිරයේ අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් “යුද ක්‍රියාවක් ” ලෙස සලකනු ලබන අතර ජාතික බලයේ සම්පූර්ණ වර්ණාවලිය හරහා පුර්ණ බලයෙන් ප්‍රතිචාර දක්වන බවයි එහිදී තීරණය කළේ.

එමෙන්ම සික් ආගමික වන්දනාකරුවන් හැර, සාර්ක් විසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ පාකිස්තානයේ සිටින ඉන්දියානු ජාතිකයින්ට රටින් පිටවීමට පැය 48 ක කාලයක් ලබාදෙනු ලැබුවා.

මේ අතර ඉන්දියාවට අයත් හෝ ඉන්දියාවෙන් ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානයේ ගුවන් සීමාව වසා දමා ඇති බව සඳහන්.

පාකිස්තානය හරහා ඕනෑම තෙවන රටකට සහ ඉන් පිටතට ඉන්දියාව සමග සියලු වෙළඳාම වහාම අත්හිටුවා තිබෙනවා.

පාකිස්ථානය පදනම් කරගත් ලෂ්කර් ඊනායිබා සංවිධානයට සහය දක්වන ප්‍රතිරෝධක පෙරමුණ හෙවත් ටී.ආර්.එෆ් සංවිධානයයි මෙම ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණේ.

මෙවන් පසුබිමක ඉන්දියාවේ රැඳී සිටින සියළු පාකිස්තාන ජාතිකයන්ට පැය 48 ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය මීට පෙර නියෝග කළා.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this