හිටපු ජනපතිට අපරාධ චෝදනාවක් ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

Published on

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දූෂණයකට පසුව කරනු ලැබූදේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසනවා.

ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත හා අල්ලස් හා දූෂණ කොමිසම වෙත එම සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ලිපියක් යොමුකරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

හිටපු ජනපතිගේ පාලන සමයේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට වැයකරන ලද රුපියල් කෝටි 72කට වැඩි මුදල අපතේ යෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බවද අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

එම මුදල අදාළ තීන්දුව ගත් පාලකයින්ගෙන් අයකර ගන්නා ලෙස ඉල්ලමින් මෙලෙස ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි උපේක්ෂාවෙන් බලා සිටින බවයි.

එමෙන්ම තමා විසින් අපතේ දැමූ ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට හිටපු ජනපතිට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද එම ලිපිය මඟින් වැඩි දුරටත් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Latest articles

අස්වනු නෙළීම සංකේතවත් වූ අගමැති කාර්යාලයේ තෛපොංගල් දින සැමරුම

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය...

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this