කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන් දේශ සීමා වැසෙයි

Published on

ඊයේ කාශ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය රජය, පාකිස්තානය සමඟ ඇති දේශසීමාව වසා දැමීමට තීරණය කර‌ තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, සාර්ක් වීසා වැඩසටහන යටතේ පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවට යෑමට යළි ඉඩ නොදෙන බවයි.

එමෙන්ම එවැනි වීසා බලපත්‍රයක් සමඟ ඉන්දියාවේ සිටින ඕනෑම පාකිස්තාන ජාතිකයකු පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවී යා යුතු යැයි ද ඉන්දීය රජය දැනුම් දී තිබෙනවා.

එසේම නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සහ ඉස්ලාමාබාද්හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරු අවලංගු කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර ඉන්දියාව ද සිය ආරක්ෂක හමුදා “ඉහළ සෝදිසියකට” ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this