පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවයි

Published on

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එරට අගමැති ඇන්තනි ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩටන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි මස 3 වනදා පැවැත් වීමට නියමිත අතර ඊට අදාළව ඊයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.

එමෙන්ම මැයි 3 වන දින නිල ඡන්ද දිනයේ දී විවිධ හේතූන් මත ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ඡන්ද මධ්‍යස්ථාන විවෘත කරයි ඇත්තේ.

ඊට පෙර සියලුම ඡන්දවලින් අඩක් පමණ ප්‍රකාශ කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර අභාවප්‍රාප්ත පාප් වහන්සේට ගෞරවයක් වශයෙන් අගමැති ඇන්තනි ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩටන් විසින් පැවැත්වීමට සුදානම් කර තිබූ උත්සවද අවලංගු කර ඇති බවද සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this