ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය මහජන ගෞරවයට අද සිට ශාන්ත පීතර බැසිලිකාවට

Published on

මහජන ගෞරවය සඳහා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය අද (23)දින සාන්ත පීතර බැසිලිකාවේ විවෘත පීඨයක තැන්පත් කෙරෙනවා.

මෙරට වේලාවෙන් සවස 2.30 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් සාමාන්‍ය ජනතාවට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට ලොවපුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටිනවා.

පාප්වහන්සේගේ දේහය අප්‍රේල් 26 වැනි සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1.30ට මිහිදන් කිරීමට නියමිතයි.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා අමෙරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් වතිකානු නගරයට පැමිණෙන බව ද නිවේදනය කර තිබෙනවා.

මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර ඇති අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිත බව සඳහන්.

අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයින් සහ ආගමික නායකයින් විශාල ගණනක් සහභාගී වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this