පවතින අධික උණුසුම් කාලගුණ නිසා සෞඛ්‍ය අංශයෙන් ජනතාවට ඉල්ලීමක්

Published on

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය සමග කුඩා ළමයින් එළිමහනේ අවුරුදු ක්‍රීඩා සඳහා යොමුවන්නේ නම් වැඩිපුර ජල පානය කිරීමට සලස්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

පවතින අධික උණුසුම් කාළගුණ තත්ත්වය හේතුවෙන් හටගත හැකි රෝග වළක්වා ගැනීමට එමගින් හැකියාව පවතින බවයි ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පවසන්නේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා,

“ඉදිරි දින කිහිපයේ අපේ රටට හිරු මුදුන් වීම නිසා රස්නය වැඩි වීම තියෙනවා. මේ රස්නය නිසා අපේ දරුවෝ පාසල්වලට ගියාට පස්සේ අවුරුදු ක්‍රීඩා උත්සව තියෙනවා.

වැඩිදුර දාඩිය දැනීමක් සිදුවනවා. දාඩිය සමග ජලය සහ ලවන අපේ ශරීරයෙන් පිටතට යනවා. වැඩිදුර දාඩිය දැනීම නිසා විජලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

වැඩිපුර වතුර බොන්නේ නැතුව අපි සෙල්ලම් කළොත් විජලනය වෙනවා සේම තාප කම්පන තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. මේක අවම කර ගන්න අපිට කරන්න තියෙන්නේ ස්වභාවික දියර පානයට ගැනීම.

විශේෂයෙන්ම ජීවනි, කැඳ වර්ග, සුප් වර්ග, දෙහි, දොඩම් වගේ ද්‍රාවන පානයට ගත්තොත් විජලනය නවත්වන්න පුළුවන්.

විජලනයේ රෝග ලක්ෂණ වන්නේ හිසරදය, වමනය, ඇගපත රිදීම, නිදිමත ගතිය, ආහාර අරුචිය, වැඩිපුර නින්ද යාම සහ නොයෑම වැනි රෝග ලක්ෂණ වුණත් එන්න පුළුවන්. ඒවා වළක්වාගත හැකි දෙවල්. ඒ නිසා වැඩි පුර වතුර බිලා දරුවන්ව ක්‍රීඩාවට යොමු කරන්න.”

යනුවෙනුයි පැවසුවේ.

මේ අතර, මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි එතුමා පෙන්වා දෙන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...