වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්රීඩා ශූරතාවලියේ ඊයේ (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවා.
ඒ කාන්තා මීටර් 800 තරගය ඇය තත්පර 2.14.86කින් අවසන් කරමින්.
මීට අමතරව ඊයේ පස්වරුවේම පැවති පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ ශවිඳු අවිශ්ක සමත් වූවා.
ඔහු මෙම ජයග්රහණය ලබාගත්තේ තත්පර 1.53.41කින් සිය ඉසව්ව අවසන් කරමින්.