CPA Australia විසින් Keypath Education සහ Australian Financial Review සමඟ හවුල් වී, වෘත්තිකයන් අතර Data සහ AI කුසලතා වැඩි දියුණු කිරීම සඳහා කෙටි පාඨමාලා මාලාවක් ආරම්භ කර තිබෙනවා.
AFR කෙටි පාඨමාලා platform හරහා ලබා ගත හැකි මෙම පාඨමාලා, මෙම ක්ෂේත්‍රවල වෘත්තීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටයි අරමුණු කර ගෙන ඇත්තේ.
මෙම මුලපිරීම CPA ඕස්ට්‍රේලියාවෙන් micro-credentials පහක් පිරිනමන අතර ඒ සෑම එකක්ම පැය හතරත් හයත් අතර කාලසීමාවක් ඇති බව සඳහන්.
එමෙන්ම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යා හැකි “ඉහළ ඉල්ලුම” (“high-demand”) කුසලතා ලබා ගැනීමට අපේක්ෂා කරන වෘත්තිකයන් සඳහා පාඨමාලා ද මේ යටතේ සකස් කර තිබෙනවා.
ඉගෙනුම් මොඩියුලවල අවධානයට දත්ත අර්ථ නිරූපණය, තීරණ ගැනීම සඳහා සංඛ්‍යානමය විශ්ලේෂණය සහ සංවිධාන තුළ දත්ත පදනම් වූ සංස්කෘතියක් පෝෂණය කිරීම ඇතුළත්.
මෙම අධ්‍යාපනික පිරිනැමීම්වලට ‘Statistical Analysis for Decision-Making’, ‘Data-Informed Decision-Making’, ‘Data Interpretation’, ‘Creating a Data-Driven Culture’, සහ ‘Data Visualisation and Storytelling’. ඇතුළත් බව සඳහන්.
මයික්‍රොසොෆ්ට්, නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය, සිඩ්නි විශ්ව විද්‍යාලය සහ මෙල්බර්න් ව්‍යාපාරික පාසල ද මෙම පාඨමාලාවට සම්බන්ධ වනු ඇති.
මෙම විධිමත් සහ පහසු ප්‍රවේශය අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා යෙදවීමට උදව් කිරීමට ලැබීම පිළිබඳව ඔවුන් සතුටු වන බවත්, මෙම සම්පත පුළුල් වෘත්තිකයන් පිරිසක් වෙත අධ්‍යාපනික කුසලතා සහ විශේෂඥ පාඨමාලා පිළිබඳ විශ්වාසදායක බවක් ගෙන එන බවත් CPA ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ඉගෙනුම් සහ නවෝත්පාදන නිලධාරි ආචාර්ය Ash ෂ් ජෝන්ස් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම මෙය පුද්ගලයන්ට ඔවුන්ගේ දැනුම සහ වෘත්තීය අපේක්ෂාවන් ඉහළ නැංවීම සඳහා සාර්ථකත්වයට සහ අඛණ්ඩ සංවර්ධන අවස්ථා සඳහා මාර්ග නිර්මාණය කිරීමට CPA Australia හි කැපවීමේ කොටසක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.