වහලය මත ඇති සූර්ය පැනල පද්ධතිය හෙට සිට අක්‍රීය කරන්න

Published on

විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහලය මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමා සහය වන ලෙස විදුලිබල මණ්ඩලය සියලුම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව වහලය මත සවි කර ඇති සූර්ය පැනල පද්ධතිය හෙට(13) සිට ලබන 21 දක්වා දිවා කාලයේ දී සෑම දිනක දී ම පස්වරු 03 දක්වා අක්‍රීය කරන ලෙසයි විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

අවුරුදු කාල සීමාවේ විදුලි ඉල්ලුම පහත වැටෙන අතර, එම නිසා සූර්ය පැනල මගින් පද්ධතියට බලශක්තිය එකතු වීමේ දී ජාතික පද්ධතියේ අසාමාන්‍ය ආතතියක් ඇති කරනවා.

එහි ප්‍රතිපලයක් ලෙස අර්ධ වශයෙන් හෝ දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඉහත සඳහන් කළ කාල සීමාවේ ජාතික පද්ධතිය ස්ථාවර ලෙස පවත්වාගෙන යාමට ලබා දෙන සහයක් ලෙස වහලය මත සවි කර ඇති සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙස එම මණ්ඩලය සියලුම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this