වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඔහු සඳහන් කළේ කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බවයි.
මෙහිදී පිළිකා රෝගය මර්දනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට සාධනීය විශේෂ වැඩසටහන් සැලසුම් කරමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.
රජය මගින් සිදුකළ යුතු එවැනි ව්‍යාපෘති පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය ඇති ව සිදු කිරීම හේතුවෙන් රජයේ බර තරමක් අඩුවන බවද අමාත්‍යවරයා පැවසුවා.