ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
කාන්තාවන් හතර දෙනෙකුද මියගිය පිරිස අතර සිටින බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම මෙම ප්‍රහාරය සිදු වන අවස්ථාවේ කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වන ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මන් අල් තානි සටන් විරාම සාකච්ඡා සඳහා පසුගිය දා ඊශ්‍රායලය වෙත ගොස් ඇති බවයි සඳහන් කරන්නේ.