ට්‍රම්ප්ගේ තීරුබදුවල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් කඩා වැටෙයි

Published on

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද, තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී තිබෙනවා,

මේ අතර ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර තිබෙන බව සඳහන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වාදුන් තීරුබදු ප්‍රතිපත්තිය ලබන බදාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

එය නිවේදනය කෙරුණු පසුගිය අප්‍රේල් 02වෙනිදා සිට ගෝලීය කොටස් වෙළෙඳපොළවලට ඉන් එල්ල වෙමින් පවතින්නේ සුළුපටු බලපෑමක් නොවේ.

ඉන් වැඩි බලපෑමට ලක් වූ ජපානය, දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ අගයන් වාර්තාගත ලෙස පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම අමෙරිකානු බදුවලට ප්‍රතිචාර ලෙස බදු ඉහළ නොදමන බවයි ඉන්දීය රජය නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව අමෙරිකානු ආනයන තවත් පුළුල් කිරීමටත් ඒවා මත පනවා ඇති බදු බිංදුව දක්වා පහත හෙලීමටත් තායිවාන ජනාධිපති විලියම් ලායි ගේ සූදානම් වේ.

ලොවපුරා තවත් වෙළෙඳපොළ සියල්ලම පාහේ අද දිනයේ දැක්වුණේ සැලකිය යුතු පසුබෑමකි.

එමෙන්ම තම රටට පනවා ඇති 46%ක බදු පහත හෙලන ලෙස ඉල්ලා ට්‍රම්ප් සමඟ දැනටමත් සාකච්ඡා ඇරඹීමට වියට්නාම කමියුනිස්ට් පාලනය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම තීරුබදු පිළිබඳ සාකච්ඡා සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු අමෙරිකාව බලා ගමන් කිරීමට නියමිතයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this