රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කරනවා – සෞඛ්‍ය අමාත්‍ය

Published on

මෙරට පවතින රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කර මෙරට ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ තුළින් රෝගීභාවයට පත්වන පුරවැසියාට ලබා දිය හැකි ඉහළම සත්කාරය, පිළිගැනීම, රෝහල තුළින් ලබා දීම මෙන්ම පුරවැසියාට සුවපහසු සමීප තැනක් බවට රෝහල පත් කිරීම වත්මන් රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීම් සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

සමස්ත රාජ්‍ය සේවාව ම ඩිජිටල්කරණට ලක්කර මහජනතාවට ඉතා පහසු කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව බව පැවසූ අමාත්‍යවරයා ලක්ෂ එකහමාරක් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තොරතුරු ඇතුළු මානව සම්පත් කළමනාකරණය කර ගැනීමට තාක්ෂණය යොදා ගැනීම, ඩිජිටල් සෞඛ්‍ය වාර්තා වඩා සම්බන්ධයක් සහිත ව දියුණු කිරීම, ඖෂධ සැපයුම් ජාලය තාක්ෂණය සමඟ විධිමත් කිරීම පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් ඩිජිටල්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවද මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this