ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම දෛනිකව ඉහළට

Published on

වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසනවා.

2009 වසරේ දී මෙරට සිදුකළ සමීක්ෂණයක දී දරුවන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් සහිත දරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය මෙම අදහස් පල කළා.

එමෙන්ම වැඩිදුරටත් එතුමිය පැවසුවේ

“ලංකාවේ ළමුන් 93කගෙන් එක්කෙනෙකුට මෙම තත්ත්වය තිබුණා 2009 කරපු සමීක්ෂණයක්. ඊට පස්සේ ඒක ක්‍රමාණුකූලව කරලා නෑ. දැන් ආයම පටන් අරගෙන යනවා. අපිට වෙනස් ප්‍රතිඵලයක් ලැබෙයි. මොකද ලෝකයේම වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙන. අපට දැනෙනවා ලංකාවෙත් දිනෙන් දින වැඩිවෙනවා අපිට යොමු වන ළමුන් ගණන. වැදගත් වෙන්නේ ඉතාමත් ඉක්මනින් හඳුනාගන්න ඒක. මූලිකම අවස්ථාවේදී අපිට හඳුනාගන්න පුළුවන් නම් අවුරුදු දෙකහාමාර අවුරුදු පහ ඇතුළත කරන මැදිහත්වීම් මත 90% කට පමණ මෙම දරුවන් අපිට ගෙනියන්න පුළුවන්.”

යනුවෙනුයි.

මේ අතර, ඔටිසම් මෙන්ම ස්නායු ආබාධ රෝග සහිත දරුවන් හඳුනාගැනීමට දෙමව්පියන්ගේ ද දායකත්වය අවශ්‍ය බවයි එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මිය සඳහන් කළේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this