බැංකු ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී, තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටළු සඳහා මේ වන විට විසඳුම් ඉදිරිපත් කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය පවසනවා.
වත්මන් බැංකු නීතිය යටතේ තුන්වන අදියර දක්වා ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද සලකනු ලබන්නේ තුන්වෙනි අදියරේ ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ලෙස බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ.
ඒ හේතුවෙන් අදාළ පුද්ගලයාට නව ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව නොලැබෙනවා.
නව විසඳුමට අනුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත ණය පැහැර හැර ඇති පුද්ගලයින්ට තවත් ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනු ඇති.
ඒ අනුව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව විසඳුම සමග මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙන්කර තිබූ රුපියල් බිලියන 5ක මුදල් ප්‍රමාණය ගැටලුළුවකින් තොරව බෙදා දීමට හැකියාව ලැබෙන බවයි.
ණය මුදල් පැහැර හැර ඇති එවැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වරළත් ගණකාධිකාරණ ආයතනයෙන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ ලබා ගැනීමට සාකච්ඡා සඳහා සූදානම් විය යුතු බවයි ඔහු පැවසුවේ.
අනතුරුව ජාතික ආර්ථිකයට ඵලදායි වන ආකාරයට ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර ඉදිරි මාස නවය ඇතුළත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්හට අයවැයෙන් වෙන් කළ ණය මුදල් බෙදා දීම සිදු කරන බවද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.