ජපානයේ ‘ප්‍රබල’ භූමිකම්පාවකින් පුද්ගලයින් ලක්ෂ 3ක් මිය යා හැකි බවට අනතුරු අඟවයි

Published on

ඉදිරියේදී ජපානයේ ඇතිවිය හැකි භූකම්පනයකින් ලක්ෂ 03ක පමණ පිරිසක් මියයාහැකි බවට ඇස්තමේන්තුගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඒ හේතුවෙන් ඩොලර් ට්‍රිලියන 1.8ක් පමණ ආර්ථික වශයෙන් විනාශ විය හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ජපානය ලෝකයේ වඩාත්ම භූමිකම්පා අවදානමට ලක්විය හැකි රටවලින් එකක් වන අතර, නන්කායි අගල ලෙස හැඳින්වෙන කම්පන සහගත මුහුදු පත්ල කලාපයක් දිගේ රික්ටර් මාපක 8 සිට 9 දක්වා විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් සඳහා සියයට 80ක සම්භාවිතාවක් ඇති බව සඳහන්.

ශීත ඍතුවේ දී රාත්‍රි කාලයේ මෙසේ භූමිකම්පාවක් සිදුවුවහොත් සුනාමි සහ ගොඩනැගිලි කඩා වැටීම්වලින් 298,000ක් පමණ මිය යා හැකි බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

භූ කම්පන වික්‍රියා හේතුවෙන් වසර 100 සිට 150 දක්වා වරක් මෙම භූමිකම්පාවක් ඇති විය හැකියි.

එමෙන්ම 2011 දී රික්ටර් මාපක 9ක භූමිකම්පාවක් ඇති වූ අතර, එමගින් විනාශකාරී සුනාමියක් ඇති වී න්‍යෂ්ටික බලාගාරයක ප්‍රතික්‍රියා හේතුවෙන් 15,000කට අධික පිරිසක් මිය ගියා

Latest articles

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු...

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

More like this