මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතුවක් – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනාවරණයක්

Published on

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35% අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ එම රෝගයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂිකව 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවත්, ඉන් 4000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මියයාමට හෝ ආබාධිත තත්ත්වයන්ට පත්වන බවයි.

එමෙන්ම මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් 41%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි ඔහු පැවසුවේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලෝක බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමින්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this