ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට අද (6) පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිණියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටි බව වාර්තා වෙනවා.
ඒ එම ප්‍රරචණ්ඩත්වයට එරෙහිව දින දහසයක ගෝලිය ක්‍රියාකාරීත්ව වැඩසටහනට (GBV) සහය දැක්වීම පිණිසයි.
ඒ අනුව ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී පවත්පවත්වා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ද මිට එක් වූ බව සඳහන්.
මෙහි දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සැමුවෙල් විසින් තැඹිළි පැහැති පළදනවා විපක්ෂ නායකතුමාට පළඳවා තිබුණා.