කළුතර මහ රෝහලට ගෙනා CT ස්කෑන් යන්ත්‍රය මේ වනතෙක් වරාය රේගුවෙන් නිදහස් කරගෙන නැහැ

Published on

කළුතර මහ රෝහල සඳහා ගෙන්වනු ලැබූ ලක්ශ 1500 වටිනා CT ස්කෑන් යන්ත්‍රය මේ වනතෙක් වරාය රේගුවෙන් නිදහස් කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

පෙබරවාරි 14 වෙනිදා කොළඹ වරායට ගෙන් වූ මෙම යන්ත්‍රය මේ වනවිට ප්‍රමාද ගාස්තු වශයෙන් මිලියනයකට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවටයි ගණන් බලා ඇත්තේ.

කළුතර මහ රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා 2021 වර්ශයේ ටෙන්ඩර් කැඳවීම සිදුකළ අතර සැපයුම්කරුවකු තෝරා ගත්තද යන්ත්‍රය ගෙන්වීමට අවශ්‍ය අනෙකුත් කටයුතු දීර්ඝ කාලයක් ප්‍රමාද වූ බව ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළා.

කෙසේ නමුත් නව රජය පත්වූ වහාම සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මැදිහත්වීම මත පසුගිය නොවැම්බර් මාසයේ ණයවර ලිපි විවෘත කොට කඩිනමින් එම යන්ත්‍රය ලංකාවට ගෙන්වන ලෙසයි උපදෙස් ලබා දී තිබුණේ.

සභාපතිතුමා පැවසුවේ කළුතර මහ රෝහලේ පැවති CT ස්කෑන් යන්ත්‍රය 2023 වසරේ පෙබරවාරි මාසයේ සම්පූර්ණයෙන්ම බිදවැටුණු බවත්, එදින සිට මේ දක්වාම එම රෝහලේ හදිසි CT පරීක්ෂණ පුද්ගලික රෝහල්වලින් හා අනෙකුත් රෝගීන්ගේ පරීක්ෂණ හෝමාගම මූලික රෝහල, හොරණ මූලික රෝහල හා කළුබෝවිල ශික්ෂණ, කොළඹ ජාතික රෝහල යන රෝහල් වෙතට ප්‍රවාහනය කර සිදුකරගෙන යනු ලබන බවයි.

මෙවැනි අධි තාක්ෂණික යන්ත්‍ර දීර්ඝ කාලයක් ගබඩාවල තැබීමෙන් යන්ත්‍ර කොටස්වලට හානිවීමද සිදුවියහැකි අතර මෙම යන්ත්‍රය කඩිනමින් නිදහස් කොට කළුතර මහ රෝහලේ රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස ද ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් කියා සිටියා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...