කාලෙකට කලියෙන් සමාජ මාධ්‍ය ජාලාවල හැමෝම පතුරු ගහපු දැන් කිසිම සද්දයක් නැතුව ඉන්න කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ඔයාලට මතක ඇති නේද ?
ඇත්තටම කහඳගම මහතා ඉස්සර වගේ චණ්ඩිකම්,සද්ද බද්ද නෑ. පාඩුවේ පැත්තකට වෙලා ජිවිතයේ සැදෑ සමය ගත කරමින් ඉන්නවා කියලයි අපිට හිතෙන්නේ.
නමුත් ඒකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා ආයේ හොයලා බලන්නම උවමනා වෙන විදියේ ආන්දෝලාත්මක සටහනක් ඔහු අද මුහුණු පොතට මුදා හැරලා තිබුණා.
ඔහු ධර්මයට අනුව යමින් කියලා තියෙන්නේ ඔහුට දරුණු අපරාධයන් සිදු කළ සියළු තරහකාරයන්ට සමාව දෙනවා කියලා. ඒ තරහකාරයෝ නිසා දැනුණු වේදනාවන් තරහක් විදියට මතු සසර පුරාත් ,ඉන් පසුවත් පවතින එකෙන් ඔහු නිදහස් වෙන්න ඕන නිසයි කියලයි කියන්නේ.
එම සටහන පහතින්
“වෛරයෙන් – වෛරය නොසන් සිඳේ”
ධම්මපදය –
බුදුරජානණ්වහන්සේ…🙏
දරුණුම අපරාධවලට පස්සෙත්,
මම උඹලට සමාව දෙන්න තීරණය කරන්නේ
උඹලා සමාව ලබන්න
“සුදුසු අය නිසාම””
නෙවෙයි,
මට නිදහස් වෙන්න ඕනේ නිසයි.
සමාව නොදී උඹලව ජීවිතේ ඉතුරු කරාම වෙන්නේ….
ඒ උඹලා නිසා දැනුන සමහර වේදනාවන් තරහක් විදිහට මාත් එක්ක සසර පුරාත් ඉන් එහාත් පවතිවි…..
ඉතින් මට මාව සනීප කරගන්න ඕනේ නම්….
උඹලට සමාව දෙන්නම ඕනේ👌
ඒත්
දේව දඬුවමෙන් පරිස්සමෙන් ඉඳපන්…ලා….