The Fareed Uduman Art Forum හි Sky ගැලරිය මගින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී කලාකරුවන් දස දෙනෙකුගේ මුල් කලා නිර්මාණ එකතුවකින් සමන්විත ආකර්ශනීය සමූහ ප්‍රදර්ශනයක් වන Rúpa ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටිනවා.
මෙම ප්‍රදර්ශනය මාර්තු 26 වනදා හවස 6.00ට කොළඹ 5 Sky Gallery අවකාශයේදී විවෘත වන අතර, මාර්තු 30 දක්වා උදේ 8.00- රාත්‍රී 7.00 දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.
ප්‍රගීත් රත්නායක, ප්‍රසාදනී කුමාරි, ප්‍රභානි අමන්දිකා, සංජය ගුණරත්න, ධනුෂ්ක ආරියරත්න, අවන්ති ජයසිංහ, තුසිත ලීලාරත්න, විමුක්ති සමරවීර, රජිත පෙරේරා, සහ දිනේෂ් පෙරේරා යන නිර්මාණවේදීන්ගේ නිර්මාණ මෙහි ප්‍රදර්ශනය කරනු ඇති.
එහිදී සෑම කලාකරුවෙක්ම ඔවුන්ගේ ම ආවේණික ලෝක දර්ශනයන් සහ කලා ගුණයන් ප්‍රදර්ශනයට එක්කරන අතර, කලා ලෝලීන් සමඟ අනුනාද වන තේමා හැඟීම්වලින් පොහොසත් අවකාශයක් නිර්මාණය කරයි.
මෙම අද්විතීය ප්‍රදර්ශනය පරිකල්පනය සහ යථාර්ථය සම්මිශ්‍රණයක් වන අතර ප්‍රවීන මෙන්ම නවක කලාකරුවන්ගේ විචිත්‍ර පරිකල්පලනයත්, තාක්ෂණික කුසලතාවයත් තුළින් බිහිවන සිතුවම් සහ මූර්ති ආදී සර්වකාලීන කලාකෘතිවල තෝතැන්නක් වනවා.
“මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ කලා ක්‍ෂේත්‍රයේ ඇදහිය නොහැකි දක්ෂතා සහ විවිධත්වය පිළිබඳ හොඳම සාක්ෂියක්. එහි සෑම කලා කෘතියක්ම වෙනස් කතාවක් කියන නමුත්, ඒවායේ එකතුව කලාත්මක ප්‍රකාශනය පිළිබඳව ගැබුරු ආඛ්‍යානයක් ගොඩනඟනවා.” යනුවෙනුයි The Fareed Uduman Art Forum හි අධ්‍යක්ෂක ජෝමෝ උඩුමන් පැවසුවේ.
ඒ අනුව තේමාත්මකව පොහොසත් සහ දෘශ්‍යමය වශයෙන් විස්මයජනක Rúpa, නරඹන්නන්ට නිර්මාණශීලීත්වය තුළින් යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන චාරිකාවකට කලාලෝලීන් සියළු දෙනා වෙත ඒ සඳහා සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනු ලබයි.
The Fareed Uduman Art Forum හි Sky Gallery, සමකාලීන කලාව ප්‍රවර්ධනය කිරීමට සහ දේශීය කලාකරුවන්ට සහාය වීමට කැප වූ ප්‍රමුඛතම අවකාශයක් වන අතර නිර්මාණශීලිත්වය සහ සංස්කෘතික හුවමාරුව පෝෂණය කිරීමේ මෙහෙවරක් සමඟින්, ඔවුන් විසින් ශ්‍රී ලාංකේය සහ ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශන, වැඩමුළු සහ විවිධ වැඩසටහන් පවත්වනු ලබනවා.