කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් චාරිකාවක නිරත වෙමින් සිටිය දී හන්තාන කන්ද නැරඹිමට ගොස් අතරමං වී තිබෙනවා.
පසුව යුද්ධ හමුදාව විසින් ඔවුන් නිරුපද්‍රිතව මුදවා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම සිසුන් පිරිස වයස අවුරුදු 16 ත් 17 අතර පසුවන්නන්.
ප්‍රදේශයේ පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී නැවත පැමිණිමට නොහැකිවයි මොවුන් අතරමං වී ඇත්තේ.
හන්තාන කන්ද තරණය කිරීමේ දී එක් අයෙකුගේ කකුලේ මස්පිඩු පෙරලිමක් ද සිදුව තිබෙනවා.
මේ පිළිබඳව යුද්ධ හමුදාවේ භට පිරිස් දැනුවත් වීමෙන් පසු, සිසුන් පිරිස ආරක‍්ෂිතව මුදවා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇති අතර අලුයම් කාලය වන විට ඔවුන් ආරක්‍ෂිතව පහළට රැගෙන ඒමටයි භට පිරිස් කටයුතු කර ඇත්තේ.