හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් කොකේන් සැපයීමේ චෝදනාවකට වරදකරු වෙයි

Published on

සිඩ්නි නුවරදී කොකේන් සැපයීමේ චෝදනාවකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් වරදකරු බව ජූරි සභාව තීරණය කර තිබෙනවා.

54 හැවිරිදි ඔහු තහනම් ඖෂධයක විශාල ප්‍රමාණයක් සැපයීමට සහභාගී වූ බවට එල්ල වූ චෝදනා මත නඩු විභාගයකට මුහුණ දී සිටි අතර 2021 අප්‍රේල් මාසයේදී මෙම කොකේන් චෝදනාවට ලක් වූ බව සඳහන්.

මැක්ගිල් නිතිපතා කොකේන් භාවිතා කරන්නෙකු බවත්, වසර ගණනාවක් තිස්සේ, සාමාන්‍යයෙන් ග්‍රෑම් භාගයක ප්‍රමාණයෙන් ඩොලර් 200 කට වෙළෙන්දෙකුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවත් ජූරි සභාව දැනුවත්ව වී තිබෙනවා.

කෙසේවෙතත්, මැක්ගිල් වරද පිළිගෙන නැති අතර ඔහුගේ නීතිඥයන් චෝදනාව එල්ල කර ඇති පුද්ගලයන්ගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කර තිබෙන බව සඳහන්.

තීන්දුව දැනගත් විට මැක්ගිල් විත්ති කූඩුවේ එතරම් ප්‍රතිචාරයක් නොදැක්වූ අතර කිසිදු අදහසක් නොදක්වා අධිකරණයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this