ඕස්ට්‍රේලියාවේ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ගංවතුර අවදානම වැඩි කරයි

Published on

ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට සුළඟ හා අධික වර්ෂාව සමඟ හමා ආ ඇල්ෆ්‍රඩ් නිවර්තන කුණාටුව ගංවතුර අවදානම වැඩි කරන බව පවසනවා.

මන්දගාමීව ගමන් කරන මෙම කුණාටුව ඕස්ට්‍රේලියාවේ අධික ජනගහනයක් සහිත නැගෙනහිර වෙරළ තීරය හරහා ක්වීන්ස්ලන්ඩ් සහ උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙතයි කඩාවැදී ඇත්තේ.

ඒ, පැයට කිලෝ මීටර් 107 ක වේගයෙනි.

නිව් සවුත් වේල්ස් හි ඩොරිගෝ නගරය අසල සිකුරාදා දහවල් ගංවතුරට ගසාගෙන ගිය 61 හැවිරිදි පුද්ගලයෙකුගේ යැයි විශ්වාස කරන මළ සිරුරක් සෙනසුරාදා පුළුල් සෝදිසි කිරීමකින් පසුව සොයා ගත් බව නිව් සවුත් වේල්ස් පොලිසිය පවසනවා.

කුණාටුව අතරතුර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 36 කුද තුවාල ලබා ඇති බව ද කියයි.

කෙසේ වෙතත්, ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සහ උතුරු නිව් සවුත් වේල්ස්හි ලක්ෂ සංඛ්‍යාත නිවාසවලට ගස් කඩා වැටීම සහ විදුලි රැහැන් කඩා වැටීම හේතුවෙන් අද (09) දින විදුලිය විසන්ධි වී ඇති අතර, ගංවතුර බරපතල අවදානමක් ලෙස පවතින බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

ප්‍රාන්ත දෙකෙහි ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ වැසි ඇද හැළෙන අතර ගංවතුර තත්ත්වයන් හමුවේ පුද්ගලයන් 20,000 කට පමණ නිවාසවලින් ඉවත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම සුළි කුණාටුව හේතුවෙන්, එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් දැඩි අවධානය යොමුකර ඇති බවයි ඔවුන් පැවසුවේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...