හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන NXT සමුළුව අතරතුරයි මෙම හමුව සිදුව තිබෙන්නේ.
X සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම හමුව සම්බන්ධයෙන් පවසා ඇත්තේ මා මිත්‍ර රනිල් වික්‍රමසිංහ හමුවීම සතුටක් බවයි.
එමෙන්ම දෙරට අතර සිදුවන අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවත්, විවිධ ගැටළු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දර්ශනය අගය කරන බවයි සිය X පණිවිඩය මගින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.