ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක සිට රෝගාතුරුව සිටි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී යි මියගොස් ඇත්තේ.
1964 වසරේදී හම්බන්තොට මුල්කිරිගල දී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසු වූවා.
1986 වසරේ සිට මෙරට කලා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිනියක් වන සුසන්තා මහත්මිය ටෙලි නාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් ගැනීමට සමත් වූ බව නොරහසකි.
ඇයගේ පළමු සිනමා අත්දැකීම වන්නේ සෝමරත්න දිසානායකයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සරෝජා චිත්‍රපටියයි.
ඊට අමතරව ඇය ජය පිට ජය, රන්කෙවිට, ප්‍රවේගය, නිදහසේ පිය ඩී. එස්. ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී තිබෙනවා.
චාරුලතා, මුතුපලස, කන්දේ ගෙදර, දෙනුවර මැණිකේ, ගිරිකුල, ආදී නිර්මාණයන් සුසන්තා මහත්මිය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යයන්ය.
එසේම සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මෑණියන් වේ.