පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනුයි එම ස්ථාන මාරු අනුමත කර තිබෙන්නේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කාන්තා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල පත්කර ඇති බව සඳහන්.
පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.මනතුංග ස්ථාන මාරුකර තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.