දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ රැස්වීම අද

Published on

10 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ පළමු රැස්වීම අද (03) ලංකාවේ වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වුණා.
ඒ, කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු රැස්වීම ලබන 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් පසුගිය 21 වැනිදා පළමු සැසිය අරඹමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය ද අද ආරම්භ වන අතර එය හෙට දක්වා පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ආරම්භක රැස්වීම අද පස්වරු 2 ට පැවැත්වීමටත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පස්වරු 3.00 ට රැස්වීමටත් නියමිත බව සඳහන්.

එමෙන්ම, ලබන වසරේ පළමු මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ද හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබයි.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this