ඕස්ට්‍රේලියානුවන් අතර වර්තමානය වන විට ප්‍රධාන ආහාරවලින් ලබා ගන්නා පෝෂණයන්ට අමතරව අතිරේක පෝෂණයන් ලෙස විටමින් අඩංගු පෙති වර්ග භාවිතා කිරීමේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව සමීක්ෂණ මඟින් හෙළි වී තිබෙනවා.
ඒ අනුව සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු දිනපතා විටමින් අතිරේක ලබා ගන්නා බව සඳහන්.
Body+Soul’s Health of the Nation සමීක්ෂණයෙන් හෙළි වූයේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 66% ක් දෛනික විටමින් සහ අතිරේක ලබා ගන්නා අතර එය පෙර වසරේ 34% සිට ඉහළ යෑමක් බවයි.
22 සහ 37 අතර වයස්වල පසුවන මිලේනියල්ස්ලා සෑම මසකම ඩොලර් 56 කට වඩා වැඩියෙන් ඒ සඳහා වියදම් කරන බවයි සමීක්ෂණයෙන් හෙළි වූයේ.
ඩොලර් බිලියන 1.7 ක ඕස්ට්‍රේලියානු විටමින් අතිරේක නිෂ්පාදනය කරන කර්මාන්තය මෙහෙයවන සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීම්වලට නිරාවරණය වන වියදම් බලය සහිත විශාලතම කණ්ඩායම ද මිලේනියල්ස් වන බව සඳහන්.
සමීක්ෂණයෙන් හෙළි වූයේ Boomers සහ pre-Boomers බොහෝ විට විටමින් ඩී සහ මැග්නීසියම් අස්ථි සහ මාංශ පේශි සෞඛ්‍ය සඳහා භාවිතා කරන අතර සාමාන්‍යයෙන් මසකට ඩොලර් 34.45 ක් වැය වන බවයි.
මෙසේ ඕස්ට්‍රේලියානු තරුණ පරම්පරාවන් අතර විශාල පෙළඹවීමක් කරන්නේ බඩවැලේ සෞඛ්‍යය සහ සම, හිසකෙස් සහ නිය වේ.
සමීක්‍ෂණයට ලක් වූවන්ගෙන් තුනෙන් එකකට ( 37%) වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා දෛනිකව විටමින් සහ අතිරේක පෝෂණ ගන්නා බව පැවසූ අතර හතරෙන් එකක් කියා සිටියේ එය ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යයට සහය වන බවයි.
ඕස්ට්‍රේලියානු සිල්ලර බඩු දැවැන්තයෙකු වන Woolworths පැවසුවේ, විටමින් කාණ්ඩ මිලදී ගැනීම්වල වසරින් වසර ශක්තිමත් වර්ධනයක් දකින්නට ඇත්තේ ඕස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීම හේතුවෙන් බවය.
මෙය Gut Health සහ මාංශ පේශි සහය සහ ප්‍රතිසාධන අතිරේක පෝෂණ සඳහා වැඩි ඉල්ලුමක් මෙන්ම ආතති කළමනාකරණය, ( Stress Control ) නින්ද සහ කාන්තා සෞඛ්‍යය සඳහා නිෂ්පාදන කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම වැනි ප්‍රධාන ප්‍රවණතාවලින් පිළිබිඹු වන බවයි Woolworths ප්‍රකාශකයෙකු පැවසුවේ.
නමුත් සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ඕස්ට්‍රේලියානුවෙකුට, හිඟයකින් තොරව අධික ලෙස අතිරේක ආහාර ගැනීම හානිකර විය හැකි බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ ප්‍රායෝගික ආහාරවේදියෙකු සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රාජ්ශ්‍රී රෝයි පවසනවා.
ආචාර්ය රෝයි වැඩි දුරටත් පවසන්නේ විටමින් A අධික වීම විෂ සහිත විය හැකි බවත්, විටමින් C අධික මාත්‍රාවක් ගැනීම ආහාර දිරවීමේ ගැටළු ඇති කළ හැකි අතර යකඩ සහ කැල්සියම් වැනි ඇතැම් පෝෂ්‍ය පදාර්ථ අධික ලෙස පරිපූරණය කිරීම ද ශරීරයට අහිතකර බවයි.
ආහාර සෑම විටම පළමු තැනට පැමිණිය යුතු බවත්, අතිරේක භාවිතා කළ යුත්තේ ඌනතාවක් තහවුරු වුවහොත් හෝ නිශ්චිත අවශ්‍යතාවයක් පවතින විට පමණක් බවයි ඇය පැවසුවේ.
ඇය තවදුරටත් ප්‍රකාශ කළේ සෞඛ්‍යයට සහයෝගය දැක්වීම සඳහා එකට ක්‍රියා කරන තන්තු, ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් ජෛව ක්‍රියාකාරී සංයෝග වැනි අමතර ප්‍රතිලාභ අප ගන්නා ආහාර සමඟ එන බැවින්, සම්පූර්ණ ආහාරවලින් බොහෝ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගත යුතු බවයි.
ඕස්ට්‍රේලියානු පෝෂණවේදිනියක වන ආචාර්ය රෙබෙකා රෙනෝල්ඩ්ස් පැවසූයේ මෙම අතිරේක ආහාරවලට ආකර්ෂණිය ලෙස පෙළඹ වීම කෙරෙහි සමාජ මාධ්‍යය ද දැඩි ලෙස බලපාන බවය.
පරමාදර්ශී ලෝකයක, කිසිවෙකුට පෝෂණ අතිරේක අවශ්‍ය නොවන අතර අප අවශ්‍ය සියල්ල ආහාරවලින් ලබා ගන්නා නමුදු අවාසනාවකට මෙන්, අපි එවැනි පරමාදර්ශී ලෝකයක ජීවත් නොවන නිසා එවැනි ඉහළ සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ දුර්වල ආහාර, අනුභව කිරීමට සිදු වන බවයි ඇය පවසන්නේ.
එසේම ඇය වැඩි දුරටත් කියා සිටියේ ගර්භනී කාන්තාවන් සහ සත්ත්ව ආහාර වලින් තොර ඇතැම් ජනගහන කණ්ඩායම් අනිවාර්යයෙන්ම නිශ්චිත අතිරේක පරිභෝජනය කළ යුතු බවයි.