ජෝනිගේ වාහනය ගැන අහන්න V-fm සේවකයන් CID කැඳවයි

Published on

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී ඇති කොළඹ හිල්ටන් හෝටලයේ සඟවා තිබී සොයා ගැනුණු සුඛෝපභෝගී BMW මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා V-fm නාලිකාවේ සේවකයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

මෙලෙස ඔවුන් කැඳවා ඇත්තේ සමූහ මංකොල්ල විමර්ශන අංශයටයි.

අදාළ මෝටර් රථය පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් V-fm නාලිකාවේ හිමිකරු බව කියන පුද්ගලයා CID හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එහි අංක තහඩුව අස්ථානගත වී තිබූ බවයි.

ඒ අනුව V-fm නාලිකා පරිශ්‍රයේ දී එය අස්ථානගත වූ බවට ප්‍රකාශ කිරීමත් සමගයි එම නාලිකාවේ සේවකයන් පිරිස මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this