ඉසුරුපායේ තිබූ ලක්ෂ 51ක තඹ පටි සොරාගෙන

Published on

බත්තරමුල්ල, පැලවත්ත – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ ඉහළ සවිකර තිබූ රුපියල් ලක්ෂ 51 ක් පමණ වටිනා තඹ පටි තොගයක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙලෙස සොරාගෙන ඇත්තේ ගොඩනැගිලි පරිශ්‍රයේ සවිකර තිබූ අඩි 1,731 ක අකුණු සන්නායක තඹ පටි තොගයකුයි.

එම තම පටි සවිකර තිබෙන ගොඩනැගිලි මුදුනට බාහිර පුද්ගලයන්ට කිසි විටෙකත් ළඟා වීමට නොහැකි බවත් එම ස්ථානයට ළඟාවිය හැක්කේ එහි සේවය කරන පුද්ගලයන්ට පමණක් බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this