පාසල් ක්‍රිකට් සංවර්ධනයේ ආරම්භය උතුරෙන්

Published on

ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උතුර පළාතෙන් ආරම්භ කර තිබෙනවා.

එහි පළමු වැඩසටහන පැවැත්වූයේ ඊයේ (15) දින කිලිනොච්චිය ක්‍රීඩා සංවර්ධන ශාලාවේ දීයි.

එම වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශාලාවට ක්‍රීඩා උපකරණ ලබාදීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම වැඩසටහන යටතේ උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල් 47 ක් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දීමට නියමිතයි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, ග්‍රාමීය ප්‍රදේශවල පාසල් දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කර ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවයි.

සහජීවනය වර්ධනය කිරීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස ද ක්‍රීඩාව උපයෝගි කරගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.

එබැවින් උතුර පළාතෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ශක්තිමත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් ගොඩනැගීම හා මානව සම්පත හඳුනා ගැනීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව යහපත් ලෙස වර්ධනය කිරීම අරමුණු කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය 2025 අයවැයෙන් රුපියල් මිලියන 1500ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this